Thursday, August 18, 2016






දුප්පත් පිරිමි ළමයෙක් ගොඩක් පොහොසත් ගෑණු ළමයෙකුට ආදරය කලා.එක් දවසක් ගෑණු ළමයාව මුනගැසුනු පිරිමි ළමයා තමන් ගේ හිතේ තිබුනු ආදරය ගෑණු ළමයාට ප්‍රකාශ කලා. ගෑණු ළමයාට ගොඩක් තරහා ගියා

"ඔයාට පිස්සුද? ඔයා මාසෙකට හොයන සල්ලි මගේ දවසේ වියදමටත් මට මදි...මම මොකටද ඔයාට ආදරේ කරන්නේ? ඔයා මගේ ගැන එහෙම හිතුවෙවත් කොහොමද? මම කවදාවත් ඔයාට ආදරේ කරන්නේ නෑ,ඔයා මාව අමතක කරලා ඔයාට ගැලපෙන විදියේ කෙල්ල

ෙක්ව හොයා ගන්න" කියලා එයා පිරිමි ළමයට බොහෝම තදින් කිව්වා.

නමුත් පිරිමි ළමයට ඇයව එහෙම ලේසියෙන් අමතක කරන්න පුලුවන් උනේ නෑ.

වසර 10කට පස්සේ දවසක් මේ පිරිමි ළමයයි අර ගෑණු ළමයයි සාප්පු සංකීර්ණයකදී මුහුනට මුහුන මුන ගැසුනා.

"මේ ඔයාද? ඔයාට කොහොමද දැන්? මම දැන් කසාද බැදලා ඉන්නේ...ඔයා දන්නවද මගේ මහත්තයගේ මාසික ආදායම ලක්‍ ෂ 2කටත් වඩා වැඩී කියලා?" ගෑණු ළමයා පිරිමි ළමයට කිව්වා.

මේ මොහොතේම ගෑණු ළමයගේ සැමියා එතනට ආවා. පිරිමි ළමයව දුටු ඔහු බොහෝම ගෞරවයෙන් ඔහුට මෙහෙම කතා කලා

" සර් මෙතන මොක්ද කරන්නේ? මේ ඉන්නෙ මගේ බිරිද"

ඊට පස්සේ බිරිද පැත්තට හැරුනු ඔහු මෙහෙම කිව්වා

"මේ සර්ගේ කම්පැනි එකේ තමා මම අලුතින් ලක්ෂ 2කකට රැකියාවට ගියේ. අපේ සර් තවම කසාද බැදලා නැත්තේ ඇයි දන්නවද? සර් ආදරේ කරපු ගෑණු ළමයව සර්ට ලබා ගන්න බැරි වෙලා තියනවා,ඒ දුකට සර් වෙන ගෑණු ළමයෙකුට ආදරේ කරල නෑ. පොඩ්ඩක් හිතන්න ඒ ගෑණු ළමයා කොච්චර නම් වාසනාවන්තද කියලා.අද කාලේ එහෙම ආදරේ කරන පිරිමි හොයන්න කොච්චර අමාරුද?"

ගෑණු ළමයාට මොනවා හිතෙන්න ඇතිද?
.
.
ජීවිතය කෙටියි. එම නිසා අද ඔබ සතු දේ නිසා උඩගු නොවන්න. අද පවතින තත්වය ඉතා ඉක්මනින් වෙනස් විය හැකියි. අනෙකෙකුගේ ආදරයට හැම විටම ගරු කර

දුප්පත් පිරිමි ළමයෙක් .......

Thursday, September 6, 2012





සමුගන්න මොහොතකට
පෙර එක වතාවක් ...
හිනැහෙන්න පෙර දා වගේ
මුමුණන්න වදනක් ...
පෙරසේම ළං වී
මිය ඇදෙන මතකය වගේ ...

තුරු සෙවනේ මල් අතරෙ
වැළපෙන කතාවක් ...
මද සුළඟේ පාවී ගියේ
සුසුමකට ළංවෙන්න ...
කඳුළට රිදුම් දෙන්න
ඇයි ආදරෙන් හමු වුනේ ...

අවසන්ව යන මතක
හද වේදනාවෙන් ...
සතපන්න ළය මත මගේ
දිවි මං තළාවේ ...
මා පරදවාලන්න
ඔබ කිම ද මට පෙම් කළේ ...

සමුගන්න

Thursday, August 16, 2012





ඔය කරපු හෙම වෙරදක්ම මගේ හිතත, පපුවට දවසින් දවස පිහියෙන් අනිනවා වගේ දැනුනේ, 
එක නිසාම මම හිතල තීරණයක් ගත්තා...ඔයාව තනි කරලා ඔයාටත් ඒ දුකම දෙන්න.
 එක නිසා ඔයත් එක්ක තිබුන හෙම සම්බන්දයක්ම නතර කල. 
නමුත් මගේ හිතේ තිබුණු ආදරය කවදාවත් නෙති උනේ නැ. 
ඔය අද මට ගොඩක් වෛර කරනවා, 
නමුත් ඔයාට වෛර කරන්නේ නැ. 
මොකද මම ඒ තරමටම ඔයාට ආදරේ නමුත් ඔය දෙන දුක් ගින්දර උහුලන් ඉන්න තව දුරටත් මට බේරී උන.
 හෙමෝම කියන්නේ දල යන කෙනාට ලේසි කියල. 
නමුත් මම කියන්නේ දල යන කෙනාට තම මේ ලෝකේ කොහෙවත්ම නෙති දුක එති වෙන්න.
 මොකද අනිත්  
කෙනාව තෙරුන් ගන්න උත්සහ කලත් ඒ කෙනා වෙනස් නොවී ඉද්දි එයත් එක්ක ගත කරන ජිවිතේ තිත්ත වෙනවා.
 එය අඩනවා දකිද්දී, යන්න එපා කියද්දී, එය එයාගේ සතුත ගෙන විටරක් හිතද්දී,
 හිතත දරාගන්න බේරී දුකක් එන්නේ.
ඒ වගේම අද ඔය සතුතින් ඉන්නවා කියල මට දෙනෙනවා, 
එකදි මම සතුතු වෙනවා, 
නමුත් ඔයාට තවමත් මගේ දුක දෙනිල නැ......................

ඔය කරපු හෙම වෙරදක්ම

Wednesday, August 8, 2012






ආදරේ හදවතේ උකුළු මුකුළු කරන්න ගත්තු දවසේ ඉදන්ම මං හෙව්වෙ මටත් වඩා ඉක්මනින් මගේ හිත කියවන කෙනෙක්ව..මටත් වඩා මාව දැනෙන කෙනෙක්ව
ඔව් මේ ඇත්තමයි මං ඔයාව හෙව්වා දවස් ගනින් මනින්නට බැරි තරම් කාලයක් මං ඔය හිත හෙව්වා..හති වැටිලා හිත ගිලන් වුනා නුබේ හමුව පමා වෙද්දි...
එහෙම් දුක් විදලා නුබ මුනගැහුනා මටම.,පුදුමයි මටත් වඩා නුබ මම වුන අපුරුව...එ තරම් හදවත් සමානයි කියලා කොහොමද හිතන්නෙ..ඔයා හිතන සිතුවිල්ලම මමත් පමා නොවිම හිතුවා..අපි එක වගේ හිතුවට අපේ ඉරණම් ගමන එක වගේ නෙවි මැණික...අපිව අපිට හිමි නොවුනේ එ නිසා වෙන්න ඇති.. මං දන්නවා ආදරේනම් ඒ ඔයාමයි කියලා..ඔය හිත මට නොතේරුනානම් නොවේ මේ තරම් දුක් සුසුම් අද මට...මගෙන් නුබ සගවන මට හිමි අහිමි මහා මෙරක් බදු නුබේ සෙනෙහස දැනේ මට මම සේම... කදුළු පිරෙන්නෙ මේ තරම් නුබ අහිමි වුවාට නොවේ,මට මාවම අහිමි වූ නිසයි...මන්ද යත් මමනම් නුබමයි..නුබනම් මමයි..
එයයි නුබේත් මගෙත් අමරණිය පෙම.

ආදරේ හදවතේ

Monday, July 30, 2012



ජිවිතේ කියන්නේ මහ පුදුමාකාර දෙයක්... ජීවිතේට ආදරේ ළං වෙන්නේ අපි නොහිතපු විදියේ මහා අහම්බයකින්..... හරියට ඔයා මගේ ජීවිතේට ආවා වගේ..... අහම්බයකින් ඔයා මගේ ජීවිතේට ගොඩ වැදිලා පාළුවෙන් තනිකමෙන් ඔද්දල් වෙලා තිබුණ මගේ ජීවිතේට ආදරේ පාට පෙන්නුවේ ඔයා..... මම මොන තරම් ප්රිතික්ශේප කලත් ඔයාගේ ආදරේ මගේ හිතට හොදටම දැනිලා තිබුණා.... ඒ ආදරේ හංගගෙන හිත දවන නොසන්සුන් කමෙන් මම උන්නේ හරි අමාරුවෙන්.... ඒත් ඒ ආදරේ ඔයා කොහොම හරි එළියට ගත්තා.... අනිත් අයගේ ආදරේ මත ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම අරමුණක්ම ගොඩ නැගුනත්, අපේ ආදරේ බලාපොරොත්තු අරමුණු නැහැ..... ඒත් එයාලා ළග නැති ආදරේ අපි දෙන්නා ළග තියනවද කියලා මට හිතෙනවා....
කවමදාකවත් ඔයාටයි මටයි හමු වීමක් ගැන හිතන්න බෑ..... මම ඔයාව වගේම ඔයා මාවත් දැකලා නෑ.... දවස් දෙකක් විතර ව්නාඩි ගානක් කතා කරලා ඇති.... එච්චරයි.... කෙටි පණිවිඩ හුවමාරුවෙන් අපේ ආදරේ ගලාගෙන යනවා.... අපි දෙන්නම දන්න දෙයක් තමයි අපිට අපේ වෙන්න බෑ කියන එක...... අනික ආදරේ කරන්නේ විවාහය බලාගෙනම නෙවේනේ..... ඒ හැමදේම කොහාම උනත් මගේ හිතේ ඔයා ඉන්නවා වගේම ඔයාගේ හිතෙත් මම ඉන්නව
ා..... මට ඔයාව දැනෙනවා.... ඔයා අනිත් අයට වඩා හුගාක් වෙනස්.... ඒ වෙනස මට කියන්න ලියන්න තේරේන්නේ නෑ.... ඒ වෙනස දැනෙන්නේ මගේ හිතට විතරයි.....
ඒ දැනෙන වෙනස හුගාක් ආදරණියයි, කියාගන්න බැරි තරම්.....අරමුණු බලාපොරොත්තු නැති අපේ ආදරේ ඔහේ ගෙවිලා යාවි.... මොකද අපි කවදාහරි අපේ වෙමු කියලා අපි අපට පොරොන්දු දීලා නැති නිසා..... හැබැයි මම මේ ආත්මේ නැති උනත් ලබන ආත්මේ හරි ඔයා මගේම වෙන්න කියලා ප්රා.ර්ථනා කරනවා..... ඔයාව අතාරින්න බැරි තරම් ලෝභ උනත් නොලැබෙන දෙයක් පස්සේ ගිහින් දුක් විදිනවට වඩා අපි අපේ ආදරේ විතරක් තියාගන ජීවිතේ ගෙවමු.... ඔයාට මොන තරම් ආදරේ කරත් මට හෙට අනිද්දාම නොදන්නා කෙනෙකුට මගේ ජීවිතේ දීලා යන්න වෙනවා.... මම ඔයාට ආදරේයි..... ගතින් නැතත් සිතින් මම හැමදාම ඔයා ළග ඉන්නවා..... වැඩිය කතා නොකර ඉමු අපි..... ඒත් ආදරේ බෙදාගමු.....

කවදාවත් නුඹ මට නොලැබේන හන්දා
මුණිවත හොදයි දෙබසින් දුක වැඩි හින්දා....

ජිවිතේ කියන්නේ..

Thursday, July 26, 2012





ජීවිතය කෙතරමි කුරිරැද?
කෙතරමි ‍‍වෙදනා කාරීද ?
ජීවිතයක පැවැත්ම තිබිය යුත්තේ
විදීමකින් මිස විද වීමකින් නොව
එහත් අද දින
මට උරැම වී ඇත්තේ විදවීම පමණි ........................
තේරැමි ගත නොහැකි විදවීමකි ....................
සිතේ ඇතිවූ අදහස කටු සටහනකින්
නිමා කළ හැකි නමි
ඇයි එය පණිවිඩයකට සටහන් කිරීමට
නොහැකි වූයේ ????
ඔබ එක සිතින් මා ඔබෙ සොයුරා වීමට පාර්‍ථනා කලත්,
මා පාර්‍ථනා කළ යුත්තේ කුමක්ද ?
මගේම සොයුරිය වීමද ? නොවීමද ?
ඇයි මා මෙසේ වෙහෙසෙන්‍ නේ ..........................
ආදරය කියා ගත නොහැකිව
විදින වෙදනාව දන්නේ මා පමණයි
මහ සයුර ගොඩ ගැලුවත්
එ දේ පැවසීමට මාගේ සිත
ඉඩ නොදේ .........................
ඔබගේ දගකාර කථාව, සිනහව , හැඩකාර බව
මා දිනෙන් දින ඔබ වෙත ආකර්ශණය කරයි.
එහෙත් එයද පැවසීමට
නොහැක

මා අසරණයි .....................
ඔබගේ ‍‍ධෛර්්‍යවන්ත සිත ගැන
මට ආඩමිබරයි .........................
දිවි ඇති තුරා මා ඔබෙ ආදරය බලා පොරොත්තු වෙමි.
එහෙත් එය මට සිහිනයක් පමණයි.
එහි ජීවත්වීමටද මා කැමතිය
ඔබට එයට පිහිට වීමටද නොහැකිය
මා කුමක් කරන්නද ?
මා ඔබට ආදරෙයි මාගේ ??????????????????//
මෙ වදන් පෙල ඔබට දැනෙනවානමි
මා පෙර සංසාරයේ කොචිචර පිංකර ඇත්ද?
කෙසේ නමුත් මගේ පණිවිඩයේ ඔබ තැබූ සැමරැම .......................
මාගේ පාර්ථනය කර ගතිමි
හැම මතු දිනකම
හැම මතු භවයකම
ඔබ මගේම වෙවා !!!!!...................

එහෙත් !!!!!!!

ආදරණිය !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ඔබ වෙනුවෙන් හැඩූ කදුලු
සයුර තරමි
එහෙත් එය ඔබ නොදනී
................. ඔ‍බෙ සමහර කියාවන්
මා දුකට පත් කරයි
එමෙන්ම මා තව තවත් ආදරයට පොළඹවයි ............
මගේ කදුලු ඔබට දැනෙනවානමි
කෙතරමි දෙයක්ද ?
එහෙත් මට උරැම වන්නේ ඔබගෙන් කදුලු සහ
ස‍හෝදරත්වය පමණි.
හිමි නැතත් එම පෙම ගැන මම තේරැමි ගතිමි ...........
ඔබ වගේ, ගෙදර බුදුන්ට ආදරය කරන,
ආදරය ගැන හදුනන කුමරියක
මා මෙ දිවිය පුරා සොයනෙමි.............
සිතාගනු නොහැක
මීලග විදවීම කුමක් වෙවිද ???????????????????????????????????????

ජීවිතය කෙතරමි කුරිරැද?



ඔබ මගේ ලෝකේ සඳ සජින වෙලා 
මගේ ලෝකේ එලිය කරලා 
මගේ ජීවතේ අදුරු නැති කරලා 
ඔය ඔයාගේ ලෝකේ අදුරු කරගත්ත ද ?

ඔයාගේ හීන ලෝකෙට මව අරන් ගිහින් 
මගේ හීනෙත් ඔයාම උන නිසා ද 
ඔයාට හීන ලෝකේ අහිමි උනේ 
ඔයාගේ ජීවිතේට මාව ලංකරලා 
මගේ ජීවතේ ඔය උන නිසා ද 
ඔයාට ඔයාගේ ජීවතේ නැති උනේ 
මම ඔය වෙන්න උත්තසහ කරපු නිසා ද 
මේ හැම දෙයක්ම්ම මට අහිමි උනේ

ඔබ මගේ ලෝකේ