Monday, July 30, 2012

ජිවිතේ කියන්නේ..



ජිවිතේ කියන්නේ මහ පුදුමාකාර දෙයක්... ජීවිතේට ආදරේ ළං වෙන්නේ අපි නොහිතපු විදියේ මහා අහම්බයකින්..... හරියට ඔයා මගේ ජීවිතේට ආවා වගේ..... අහම්බයකින් ඔයා මගේ ජීවිතේට ගොඩ වැදිලා පාළුවෙන් තනිකමෙන් ඔද්දල් වෙලා තිබුණ මගේ ජීවිතේට ආදරේ පාට පෙන්නුවේ ඔයා..... මම මොන තරම් ප්රිතික්ශේප කලත් ඔයාගේ ආදරේ මගේ හිතට හොදටම දැනිලා තිබුණා.... ඒ ආදරේ හංගගෙන හිත දවන නොසන්සුන් කමෙන් මම උන්නේ හරි අමාරුවෙන්.... ඒත් ඒ ආදරේ ඔයා කොහොම හරි එළියට ගත්තා.... අනිත් අයගේ ආදරේ මත ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම අරමුණක්ම ගොඩ නැගුනත්, අපේ ආදරේ බලාපොරොත්තු අරමුණු නැහැ..... ඒත් එයාලා ළග නැති ආදරේ අපි දෙන්නා ළග තියනවද කියලා මට හිතෙනවා....
කවමදාකවත් ඔයාටයි මටයි හමු වීමක් ගැන හිතන්න බෑ..... මම ඔයාව වගේම ඔයා මාවත් දැකලා නෑ.... දවස් දෙකක් විතර ව්නාඩි ගානක් කතා කරලා ඇති.... එච්චරයි.... කෙටි පණිවිඩ හුවමාරුවෙන් අපේ ආදරේ ගලාගෙන යනවා.... අපි දෙන්නම දන්න දෙයක් තමයි අපිට අපේ වෙන්න බෑ කියන එක...... අනික ආදරේ කරන්නේ විවාහය බලාගෙනම නෙවේනේ..... ඒ හැමදේම කොහාම උනත් මගේ හිතේ ඔයා ඉන්නවා වගේම ඔයාගේ හිතෙත් මම ඉන්නව
ා..... මට ඔයාව දැනෙනවා.... ඔයා අනිත් අයට වඩා හුගාක් වෙනස්.... ඒ වෙනස මට කියන්න ලියන්න තේරේන්නේ නෑ.... ඒ වෙනස දැනෙන්නේ මගේ හිතට විතරයි.....
ඒ දැනෙන වෙනස හුගාක් ආදරණියයි, කියාගන්න බැරි තරම්.....අරමුණු බලාපොරොත්තු නැති අපේ ආදරේ ඔහේ ගෙවිලා යාවි.... මොකද අපි කවදාහරි අපේ වෙමු කියලා අපි අපට පොරොන්දු දීලා නැති නිසා..... හැබැයි මම මේ ආත්මේ නැති උනත් ලබන ආත්මේ හරි ඔයා මගේම වෙන්න කියලා ප්රා.ර්ථනා කරනවා..... ඔයාව අතාරින්න බැරි තරම් ලෝභ උනත් නොලැබෙන දෙයක් පස්සේ ගිහින් දුක් විදිනවට වඩා අපි අපේ ආදරේ විතරක් තියාගන ජීවිතේ ගෙවමු.... ඔයාට මොන තරම් ආදරේ කරත් මට හෙට අනිද්දාම නොදන්නා කෙනෙකුට මගේ ජීවිතේ දීලා යන්න වෙනවා.... මම ඔයාට ආදරේයි..... ගතින් නැතත් සිතින් මම හැමදාම ඔයා ළග ඉන්නවා..... වැඩිය කතා නොකර ඉමු අපි..... ඒත් ආදරේ බෙදාගමු.....

කවදාවත් නුඹ මට නොලැබේන හන්දා
මුණිවත හොදයි දෙබසින් දුක වැඩි හින්දා....

0 comments:

Post a Comment