Wednesday, August 8, 2012

ආදරේ හදවතේ






ආදරේ හදවතේ උකුළු මුකුළු කරන්න ගත්තු දවසේ ඉදන්ම මං හෙව්වෙ මටත් වඩා ඉක්මනින් මගේ හිත කියවන කෙනෙක්ව..මටත් වඩා මාව දැනෙන කෙනෙක්ව
ඔව් මේ ඇත්තමයි මං ඔයාව හෙව්වා දවස් ගනින් මනින්නට බැරි තරම් කාලයක් මං ඔය හිත හෙව්වා..හති වැටිලා හිත ගිලන් වුනා නුබේ හමුව පමා වෙද්දි...
එහෙම් දුක් විදලා නුබ මුනගැහුනා මටම.,පුදුමයි මටත් වඩා නුබ මම වුන අපුරුව...එ තරම් හදවත් සමානයි කියලා කොහොමද හිතන්නෙ..ඔයා හිතන සිතුවිල්ලම මමත් පමා නොවිම හිතුවා..අපි එක වගේ හිතුවට අපේ ඉරණම් ගමන එක වගේ නෙවි මැණික...අපිව අපිට හිමි නොවුනේ එ නිසා වෙන්න ඇති.. මං දන්නවා ආදරේනම් ඒ ඔයාමයි කියලා..ඔය හිත මට නොතේරුනානම් නොවේ මේ තරම් දුක් සුසුම් අද මට...මගෙන් නුබ සගවන මට හිමි අහිමි මහා මෙරක් බදු නුබේ සෙනෙහස දැනේ මට මම සේම... කදුළු පිරෙන්නෙ මේ තරම් නුබ අහිමි වුවාට නොවේ,මට මාවම අහිමි වූ නිසයි...මන්ද යත් මමනම් නුබමයි..නුබනම් මමයි..
එයයි නුබේත් මගෙත් අමරණිය පෙම.

0 comments:

Post a Comment