Thursday, September 6, 2012

සමුගන්න





සමුගන්න මොහොතකට
පෙර එක වතාවක් ...
හිනැහෙන්න පෙර දා වගේ
මුමුණන්න වදනක් ...
පෙරසේම ළං වී
මිය ඇදෙන මතකය වගේ ...

තුරු සෙවනේ මල් අතරෙ
වැළපෙන කතාවක් ...
මද සුළඟේ පාවී ගියේ
සුසුමකට ළංවෙන්න ...
කඳුළට රිදුම් දෙන්න
ඇයි ආදරෙන් හමු වුනේ ...

අවසන්ව යන මතක
හද වේදනාවෙන් ...
සතපන්න ළය මත මගේ
දිවි මං තළාවේ ...
මා පරදවාලන්න
ඔබ කිම ද මට පෙම් කළේ ...

0 comments:

Post a Comment