About

ආදරය කරලා ජීවිතය ජය ගත්ත පරාජය වෙච්ච හැමෝම වෙනුවෙන් .......



ජීවිතේ හමුවන හැම මුණ ගැසීමක්ම කෙලවර වෙන්නෙ තවත් දුක්බර සමුගැනීමකින්. ඒත් ජීවිතේ ලඟ වුන්නු හැම කෙනාම අපිව දාලා යන්න ගියොත් දවසක අපි මේ ලෝකෙ තනිවේවි නේද? අරුණෝදයේ හීන් සැරේ ලෝකෙට එන හිරුමල හවස් වෙද්දි මල හිරු වෙලා යනවා.එත් අපි ඒ ගැන දුක් වෙන්නෙ නෑ. මොකද අපි දන්නවා හෙටත් ඒ හිරු පෙරදිගින් පායල එනව කියලා. ඉතින් ඒ වගේ ජීවිතේ ඇති වෙන සමහර බැඳීම් ලේසියෙන් දුක්මුසු විදියට ඉවර වෙලා යන්නෙ නෑ. අන්න ඒකට තමයි සැබෑ ආදරෙ කියලා කියන්නෙ.

"ආදරය නිසා පෑරුණු,කදුලු සලන,සුසුම්ලන හදවත් කොපමන මේ පොලවමත පයගහලා අමාරුවෙන් ජීවත්වෙනව ඇත්ද...හිනාව ජීවිතෙන් ඈත්වුන කදුල පමනක්‌ වුරුමවූ පෙම්වතුම් දුක සගවා සිනාසන්නට වෙරදරනවා ඇත්ද...ආදරය නිසා ජීවිතේම කලකිරුණු ජීවිතේට සුමුදුන්නු කොපමනක්‌ මේ මිහිපිට ඇත්ද.....ආදරය සතුටක්‌ සැනසුමක්‌ කියන සමහරක්‌ අතර ආදරය කදුලක්‌ දුකක්‌ කියන බොහෝ දෙනෙක්‌ අපි අතරේ ජීවත් වෙනවා යාලුවනේ....නමුත් ආදරයක්‌ නිසා ජීවිතේ අපායක්‌ කරගන්න එපා...වැටෙන වැටෙන හැම කදුලක්‌ම පිසදාලා අතීතයේ දුක්‌මුසු සිදුවීම් අත්දැකීමක්‌ කරගෙන ඔබේ ජීවිතය ලස්‌සන කරගන්න උත්සහා කරන්න.......අහිමිවුනු ආදරය ජීවිතයේට දුකක්‌ තමයි..නමුත් ජීවිතයේ පැරදුම නෙමෙයි....."

0 comments:

Post a Comment